Translate
Sunday, June 14, 2015
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇප
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇප මත මුදාහැර අැත.
සැකකාර හිටපු අමාත්‍යවරයා රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 4 ක් මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන අද (15) නියෝග කළාය.
ඇපකරුවන් 4 දෙනාගෙන් දෙදෙනෙකු පවුලේ ඥාතීන් විය යුතු බවත්, අනෙක් දෙදෙනා රජයේ සේවකයන් විය යුතු බවත් විනිසුරුවරිය ඇප ලබාදීමේදී ප්‍රකාශ කර සිටියාය.
රිමාන්ඩ් බාරයේ සිටි ආර්ථික සංවර්ධන අමාත්‍යංශ ලේකම් දොස්තර නිහාල් ජයතිලක සහ දිවි නැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ආර්. ඒ. කේ. රණවක, දිවි නැගුම බැංකුවේ සභාපති පී. බී.තිලකසිරි ද එම කොන්දේසි මතම ඇප ලැබූහ.
දිවිනැගුම දෙපාර්තමේන්තුවේ මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවේය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment