Translate
Sunday, June 14, 2015
20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද
මැතිවරණ ක්‍රමය වෙනස් කිරිමට අදාළ 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද දිනයේදී තමන් වෙත ලැබෙනු ඇති බව රජයේ මුද්‍රණාලය පවසයි.
20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය මුද්‍රණය සඳහා පසුගිය සිකුරාදා දිනයේ රජයේ මුද්‍රණාලය වෙත ලැබීමට නියමිතව තිබුණද එය නොලැබුණු බව එහි ප්‍රකාශකයෙක් කියා සිටියේය.
කෙසේ වෙතත් ගැසට් නිවේදනය හෝ පනත් කෙටුම්පත මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාල වෙත ලැබෙනු ඇති බවට සිදුකළ දැනුම්දීමකට අනුව මුද්‍රණාලය ඊයේ සහ පෙරේදා දිනවලද සූදානම් කර තැබූ බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.
කෙසේවෙතත් අදාළ පනත් කෙටුම්පත නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට ලැබීමෙන් අනතුරුව නියමිත සංශෝධන වලින් පසු මුද්‍රණාලය වෙත ලැබෙනු ඇති බව වාර්තා වේ.
ඒ අනුව බොහෝ විට අද දිනයේ අදාළ ගැසට් නිවේදනය සහ පනත් කෙටුම්පත මුද්‍රණය කිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත ලැබෙනු ඇති බවද අද දෙරණ කළ විමසීමකට පිළිතුරු දෙමින් මුද්‍රණාලාධිපති ගාමිණි ෆොන්සේකා මහතා සඳහන් කළේය.
අද පෙරවරුවේ අදාළ ව්‍යවස්ථා සංශෝධනය ලැබුණ හොත් සවස්වරුව වන විට එය ප්‍රකාශයට පත්කිරීමේ හැකියාව පවතින බවද මුද්‍රණාලාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
(under the courtesy of adaderana news web)
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment