Translate
Tuesday, June 16, 2015
මහින්ද අගමැති කිරීමට මෛත්‍රී එකඟවෙයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන සියලුම පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්, සංවිධායකවරුන් හා පළාත් සභා මන්ත්‍රීවරුන් අතර විශේෂ හමුවක් අද (16) කැඳවා තිබූ එහිදී හමුවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර ඇත්තේ සන්ධානයේ ජයග්‍රහණය උදෙසා දෙපාර්ශවයේ එක්වීම අත්‍යවශ්‍ය බවයි. එය එසේ වීමට නම් මහින්ද අගමැති විය යුතු බව සභාවේ සිටි සියලුදෙනා එක හඩින් කියා සිටියහ. එහිදී ජනාධිපතිවරයා එයට දුන් පිළිතුර වූයේ හරි "මම එහෙම නොවෙනවා කිව්වෙ නෑනේ" යනුවෙනි.
ඒ අනුව දෙපාර්ශවය අතර සාකච්ඡා සඳහා ඉක්මන් දිනයක් සූදානම් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යෝජනා කළ අතර ඒ සඳහා 6 දෙනෙකුගෙන් යුතු කමිටුවක් පත් කර තිබේ.
එම කමිටුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජෝන් සෙනෙවිරත්න, ඩිලාන් පෙරේරා, ටී.බී ඒකනායක, කුමාර වෙල්ගම, අනුර ප්‍රියදර්ශන යාපා හා සුසිල් ප්‍රේම්ජයන්ත් යන මහත්වරු ඇතුළත් වෙති.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment