Translate
Thursday, October 8, 2015
අද වන විට නව ආණ්ඩුව යටතේ ආර්ථිකයේ මුදුන්මල්කඩ ගිනිගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දු ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය.
ඔහු කියා සිටියේ දෙවියො නොගසන කල අද පෙරේතයෝ බි‍්‍රරේක් ඩාන්ස් දාන්න පටන් ගෙන ඇති බවයි.
‘රටේ ආර්ථිකයේ මුදුන් මල්කඩ වන මහ බැංකුව අද ගිනිගන්න තත්ත්වයට පත්වෙලා. අද වන විට රටේ සමස්ත මුදල් ක‍්‍රමය, බැංකු ක‍්‍රමය මුළුමනින්ම අඩපණ වෙලා. රුපියල බාල්දු වෙලා නොවේ රුපියල මස්තබාල්දු වෙලා ඩොලරයේ අගය 143ක් දක්වා වැඩිවෙලා. ඉතිහාසයේ කවදාවත් රුපියල මෙතරම් බාල්දු වෙලා නැහැ.
මුදල් ඇමති ජපානයේදී කියනවා අයවැය ඉදිරිපත් කරන තුරැ අපේ රටට වාහන එවන්න එපා කියා. තුන් ලෝකෙම මෙහෙම මුදල් ඇමැති කෙනෙක් නැතිව ඇති. රටේ ආර්ථිකයේ මුදුන් මල්කඩ වන මහ බැංකුව අද ගිනිගන්න තත්ත්වයට පත්වෙලා’
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment