Translate

Thursday, May 29, 2014

කැරලිකරුවන් සමග වන සටනේදී රුසියාව විසින් සිරියාවට ලබාදුන් සහයෝගය

විදෙස් ආධාර ලබන කැරලිකරුවන් සමග වන සටනේදී රුසියාව විසින් සිරියාවට ලබාදුන් සහයෝගයට තමන් ස්තූතිවන්ත වන බව සිරියානු ජනාධිපති බෂාර් අසාද් පවසා තිබේ.
ඔහු මේ බව පවසා ඇත්තේ සිරියාවේ සංචාරයක නිරතවී සිටින රුසියානු නියෝජිත පිරිසක් හමුවූ අවස්ථාවේදීය.
මෙම රුසියානු නියෝජිත පිරිසේ මූලිකත්වය නියෝජ්‍ය අගමැති ද්මිත‍්‍රි රොගොසින් විසින් දරනු ලබයි.
සිරියානු රජය විසින් ගෙන යන ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධයේදී මොස්කව් පාලනය දැවැන්ත සහයක් දුන් බව අසාද් විසින් පවසා ඇත.
කලාපය තුළ තම බල ආධිපත්‍යය පැතිරවීම සඳහා වන බටහිර වුවමනාව ඔහුගේ විවේචනයට ලක්වූ බවද පැවසේ.  බටහිර න්‍යාය පත‍්‍රයට එරෙහිවීම මගින් රුසියාව ගෝලීය ස්ථාවරත්වය ආරක්ෂා කරන බවද සිරියානු ජනාධිපතිවරයා පවසා තිබේ.
සිරියානු අර්බුදය මේ වන විට තෙවසරක කාලයක් ඉක්මවා ඇති අතර සිරියාව පවසන්නේ ඇමරිකාව ප‍්‍රමුඛ මිතුරන් විසින් මෙය ඇවිළවූ බවයි.
මින් දින කිහිපයකට පෙර සිරියාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට යොමුකිරීම සඳහා බටහිර අනුග‍්‍රහයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත්වූ යෝජනාවකට රුසියාව සහ චීනය සිය නිෂේධ බලය භාවිතා කරන ලදී.
එක්සත් ජාතීන්ගේ රුසියානු තානාපති විටැලි චර්කින් පවසා ඇත්තේ මේ හරහා සිරියාවට විදෙස් මැදිහත්මක් සිදුකිරීමේ හැකියාව ඇති නිසා ප‍්‍රංශය විසින් ගෙන ආ යෝජනාව පරාජය කිරීමට මෙම පියවර ගත් බවයි.

No comments:

Post a Comment