Translate

Thursday, May 29, 2014

යුරෝපය වෙත ඇමරිකානු ගෑස්

යුරෝපය වෙත ඇමරිකානු ගෑස් සැපයුනහොත් එයින් රුසියානු ආදායම බිඳ වැටේ යන අදහස රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප‍්‍රතික්‍ෂේප කර ඇතැයි වාර්තා වේ.
ඔහු පවසා ඇත්තේ ද්‍රවීකෘත ස්වභාවික වායුව හෙවත් එල්.එන් ගෑස් අපනයනය කිරීම සඳහා අත්ලාන්තික් සාගරය දෙපසම යටිතල පහසුකම් ඉදිකිරීමට ඇමරිකාවට සිදුවන බවයි.
මේ සඳහා විශාල කාලයක් සහ ධනයක් වැයවනු ඇතැයිද ඔහු පවසා තිබේ.  රුසියානු ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ ශාන්ත පීටර්ස්බර්ග් නගරයේදී පැවැත්වෙන ජාත්‍යන්තර ආර්ථික සමුළුවේ බලශක්ති සමාගම් නිලධාරීන් සහභාගිවූ සැසිවාරයක් අමතමිනි.
ආසියා පැසිපික් කලාපයේ ගෑස් මිල මට්ටම් යුරෝපයේ මෙන් 1.6 ගුණයක් දක්වා වර්ධනය වී ඇති නිසා ආසියානු වෙළඳපොළ වෙනුවෙන් තර`ගවැදීම ඇමරිකාවට වඩා ලාභදායී වනු ඇති බව පුටින්ගේ අදහසයි.
රසායනික පොළව විදීමේ තාක්ෂණය මගින් ගෑස් නිෂ්පාදනය කිරීම සමග රුසියාව පසුකරයමින් ලෝකයේ විශාලතම ගෑස් නිෂ්පාදකයා වන්නට ඇමරිකාව සමත්ව ඇති අතර එහි ගෑස් අපනයනය සඳහා පැවති සීමාවන් පවා ඉවත් කරමින් ඇතැයි පැවසේ.
මේ වන විට සමාගම් 7කට ගෑස් අපනයනය සඳහා අවසර ලබාදී ඇති අතර ඔවුන් විසින් එල්.එන් ගෑස් ගබඩාවන් ඉදිකරමින් තිබේ.
පුටින් පවසා ඇත්තේ රුසියානු ගෑස් මිල දිගු කලක සිට අත්හදාබලන සූත‍්‍ර මත සැකසෙන විශ්වාසනීය සහ ස්ථාවරව පවතින අගයක් වීම මත යුරෝපීය වෙළඳපොළ තවදුරටත් රුසියාව මත යැපෙනු ඇති බවයි.

No comments:

Post a Comment