Translate

Thursday, December 18, 2014

ජාති හා අගාම් වශයෙන් බෙදුණොත්

ජාති හා අගාම් වශයෙන් බෙදුණොත් රටක් වශයෙන් ඉදිරියට ගමන් කළ නොහැකි බව ජනපති මහින්ද රාජපක්ෂ මහතා මුලතිව් දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්‍රචාරක රැළියක් අමතමින් ප්‍රකාශ කළේය.
මෙම රැළිය අද (18දා) පැවැති අතර එහිදී අදහස් දක්වූ ජනපතිවරයා පැවැසුවේ වසර 27 කට පසුව උතුරට ලබා දුන් මැතිවණයේදී සිය නියෝජිතයන් තොරාගත් නමුත් මෙවර පැවැත්වෙන්නේ රටේ නායකයා තෝරාපත් කර ගන්නා මැතිවරණය බවයි.
එසේම යුද්ධය වසර 30 පැවැති බවත් සංවර්ධනය පැවැතියේ වසර පහක කාලයක් බව පෙන්වා දුන් ජනපතිවරයා තවදුරටත් ප්‍රකාශ කළේ සංවර්ධනය ඉදිරියට  පවත්වාගෙන යාම සඳහා ජනතාවගේ අත් තමන් හා එක්විය යුතු බවයි.

No comments:

Post a Comment