Translate

Wednesday, December 17, 2014

උදය ගම්මන්පිල මහතා ජාතික හෙළ උරුමය හැරගියේ ඇයිදැයි

 ජරාජීර්ණ වූ කැත දේශපාලනයට තිත තැබීමට නම් වත්මන් පාලනය වෙනස් කළ යුතු යැයි බස්නාහිර පළාත් සභා මන්ත්‍රී හා ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා කියයි.
‘ජාතික හෙළ උරුමයේ ක්‍රියාකාරිකයන් පිරිසක් අද අරලිය ගහ මැදුරට ගොස් ජනාධිපති බැහැ දැක, දන්සල බුක්ති විඳ මාධ්‍ය හමුවක් පවැත්වූවා.
උදය ගම්මන්පිල මහතා ජාතික හෙළ උරුමය හැරගියේ ඇයිදැයි අද වනතුරු අපි දන්නේ නෑ. අප දන්නා තරමින් ප්‍රතිපත්තිමය කරුණක් මත නොවෙයි පක්ෂය හැර ගියේ.
අපේ පක්ෂයේ අනිත් අයටත් වඩා එතුමාගේ නමටයි ඈඳිලා තිබුණේ ඇල්වතුරත් නිවලා බොනවා කියා. එතුමාට යම් ගැටළුවක් ඇති බව අපට සමග කිව්වේ නෑ. නික්ම යන්නට පෙර දින රාත්‍රියේදිත් අපි මුණ ගැහුණා. නමුත් ඔහු නික්ම යන බවක් හෝ ගැටළුවක් ඇති බවක් කිව්වේ නෑ.
තමන්ට හීලෑ නැති කෙනෙක් හීලා කර ගැනීම සඳහා වර්තමානයේ මුලින්ම පාවිච්චි කරන්නේ කැරට්. ප්‍රතිපාදන, වරදාන, වරප්‍රසාද පාවිච්චි කරනවා. එයින් බැරි වුණොත් පවුල්වල උදවිය හරහා බලපෑම් කරනවා. එහෙම ගොදුරු කර ගන්න බැරිවුණොත් වේවැල පෙන්වන්න බලනවා. බොරු චෝදනා පැමිණිලි හරහා කොහොමද කොටු කරන්නේ බලනවා. මෙය නැති කරන්න නම් මේ දේශපාලන ක්‍රමය වෙනස් කළ යුතුයි.‘

No comments:

Post a Comment